රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී අද සිදු වු අනතුරින් මිය ගිය ගණන අද දහවල් වන විට 21 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලීසිය කියයි.
(සුරංග රාජනායක , රංජිත් රාජපක්ෂ සහ සුදත් එස් කුමාරසිරි)
කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 21 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.
කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ලංගම බසයක් අද අලුයම 4.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
තුවාලකරුවන් ගම්පොළ පේරාදෙණිය, නුවරඑළිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටින බව රෝහල් ආරංචි මාර්ග කියයි.
------------------------------------------------------
පෙරවරු 6.00
(සුරංග රාජනායක සහ සුදත් එස් කුමාරසිරි)
කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බසයක් කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේහයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් අට දෙනකු මියගොස් තවත් 37දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් මේ වන විට කොත්මලේ රෝහලට ඇතුළත් කර ඇත
බස් රථයේ සිටි මගීන්ගෙන් තවත් පිරිසක් බසය තුළ සිරවී ඇති බැවින් පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහායෙන් බේරා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටිති.